බලංගොඩදී කාන්තාවක් ඝාතනය කෙරේ

බලංගොඩදී කාන්තාවක් ඝාතනය කෙරේ

April 24, 2026   12:27 pm

බලංගොඩ - පල්ලෙවෙල ප්‍රදේශයේ නිවසක තිබි කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ. 

ලද තොරතුරකට සිදු කළ විමර්ශනයකින් අනතුරුව මෙම මෘත දේහය සොයාගෙන ඇති බව සඳහන්ය. 

පල්ලෙවෙල ප්‍රදේශයේ නිවසක තනිව සිටි මෙම කාන්තාවට අමානුෂික වද හිංසා සිදු කර ඇති බවට ද තොරතුරු වාර්තා වෙයි. 

බලංගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, අධිකරණ වෛද්‍ය අධිකාරි, අපරාධ විමර්ශන ස්ථාන පරික්ෂණ නිලධාරීන්, ඇගිලි සලකුණ සටහන් අංශයේ නිලධාරීන් ඊයේ (23) පස්වරුවේ එම ස්ථානයට අපරාධ සිදුවු  ස්ථානයට පැමිණ පරික්ෂණ සිදු කර ඇත. 

අනතුරුව රත්නපුර පොලිස් නිල සුනඛ අංශයේ සුනඛයා යොදා සැකකරු සෙවීමටද කටයුතු කළ ද එය අසාර්ථක විය. 

දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (24) බලංගොඩ මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතය. 

සිද්ධිය සම්බන්ධයෙන්  වැඩිදුර විමර්ශන කටයුතු පින්නවල පොලිසිය විසින් සිදුකරනු ලබයි.